English

Our Legacy

The Malwala Co-operative Thrift and Credit Society (Sanasa) has been a cornerstone of local financial empowerment since its inception in the early 20th century.

Started with just ten determined members on October 1933, the society has grown resiliently through decades of economic shifts. Officially registered on April 25, 1934, and gazetted on May 25, 1934, under Gazette No. 8052 (signed in Kandy by State Secretary C.C. Woolley), we have evolved from a simple thrift union into a highly structured banking institution.

Today, with total assets exceeding 279 Million LKR and thousands of active members, we stand as the strongest voluntary society in Malwala.

සිංහල

අපගේ ඉතිහාසය

මල්වල සණස සමිතිය යනු 20 වන සියවසේ මුල් භාගයේ සිට ප්‍රාදේශීය මූල්‍ය සවිබල ගැන්වීමේ මූලික පදනමයි.

1933 ඔක්තෝබර් මස සාමාජිකයින් දස දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මල්වල එක්සත් සහකාර සමිතිය 1934.04.25 වන දින ලියාපදිංචි කරනු ලැබූ අතර, එය ලංකා රජයේ ගැසට් පත්‍රයේ 1934.05.25 වන දින අංක 8052 යටතේ ගැසට් කරනු ලැබ ඇත. මේ සඳහා රාජ්‍ය ලේකම් සී.සී වූලි මහතා නුවරදී අත්සන් තබා ඇත.

වරෙක ඉදිරියට යමින් වරෙක පසු බසිමින් පැවති මෙම සමිතිය, අද වන විට රුපියල් මිලියන 279 කට අධික වත්කම් සහ සක්‍රීය සාමාජිකයින් දහස් ගණනක් සහිතව, මල්වල සහ අවට ගම්මානවල ශක්තිමත්ම ස්වේච්ඡා සමිතිය බවට පත් වී ඇත.

Malwala Sanasa Office
Malwala Junction Office / මල්වල හන්දිය කාර්යාලය

Historical Milestones / ඓතිහාසික සන්ධිස්ථාන

Our journey through 92 years of community service / වසර 92ක ජනතා සේවයේ ගමන් මඟ

October 1933 / 1933 ඔක්තෝබර්

Inception / ආරම්භය

Founded as the Malwala United Cooperative Society with just 10 members.
සාමාජිකයින් දස දෙනෙකුගෙන් යුතුව මල්වල එක්සත් සහකාර සමිතිය ආරම්භ කිරීම.

April - May 1934 / 1934 අප්‍රේල් - මැයි

Official Registration / නිල ලියාපදිංචිය

Registered on April 25, 1934, and gazetted on May 25, 1934 (No. 8052) under the signature of State Secretary C.C. Woolley in Kandy.
1934.04.25 දින ලියාපදිංචි කර, 1934.05.25 දින අංක 8052 යටතේ ගැසට් පත්‍රයේ පළ කිරීම (රාජ්‍ය ලේකම් සී.සී වූලි මහතාගේ අත්සනින්).

March 1985 / 1985 මාර්තු

Transition to Banking Society / බැංකු සමිතියක් වීම

Reorganized as the Malwala Co-operative Thrift and Credit Society Ltd with limited liability. Officially established as a cooperative bank on March 10, 1985.
සීමාසහිත මල්වල සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමූපකාර සමිතිය බවට පත්වෙමින් 1985.03.10 දින බැංකු සමිතියක් ලෙස ස්ථාපිත වීම.

January 2008 / 2008 ජනවාරි

Digital Banking / පරිගණකකරණය

Fully computerized all banking accounts and operations on January 10, 2008, to provide highly efficient, modern services to members.
2008 ජනවාරි 10 වන දින සිට සමිතියේ සියලු ගිණුම් කටයුතු පරිගණක ඇසුරින් කිරීම ආරම්භ කරමින් ඩිජිටල්කරණය වීම.

December 2025 / 2025 දෙසැම්බර්

Building Complex & Growth / ගොඩනැගිලි සංකීර්ණය සහ සංවර්ධනය

Assets grew to 260 Million LKR (reaching 279M currently). Completed the modernization of the ground floor banking hall and the first floor event/meeting room.
මුළු වත්කම් මිලියන 260 දක්වා වර්ධනය කර ගැනීම. මහල් දෙකක ගොඩනැගිලි සංකීර්ණයේ බිම් මහලේ බැංකු කාර්යාලය සහ පළමු මහල රැස්වීම් ශාලාවක් ලෙස නවීකරණය කර සාමාජික අයිතියට පැවරීම.

Awards & Verification / සම්මාන සහ සහතික පත්‍ර

Official recognition of our governance, audit transparency, and service quality / පළාත් සභාව සහ සමූපකාර දෙපාර්තමේන්තුවෙන් ලද ඇගයීම්

English

Commitment to Audit Excellence

Our society is regulated and audited annually under the strict guidelines of the Sabaragamuwa Provincial Council's Department of Cooperative Development. The awards we receive are directly tied to our:

  • Excellent asset-to-liability ratio.
  • Proper maintenance of members' thrift deposits.
  • Highly transparent accounting and computerization.
  • Upliftment of local agriculture and gold-pawning assistance.

In 2025, we were honored with the Silver Medal in the Sabaragamuwa Province Cooperative Performance Competition, progressing from the Bronze Medal we secured in 2023.

සිංහල

කාර්යසාධන විශිෂ්ටත්වය

අප සමිතියේ මූල්‍ය කටයුතු සහ පරිපාලන පාලනය සබරගමුව පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව විගණනය කරනු ලැබේ. අප ලබන සම්මාන පහත සඳහන් කරුණු මත පදනම් වේ:

  • විශිෂ්ට මූල්‍ය වත්කම් කළමනාකරණය.
  • සාමාජිකයින්ගේ ඉතුරුම් තැන්පතු සුරක්ෂිතභාවය.
  • පරිගණක ආශ්‍රිත පූර්ණ විනිවිදභාවය.
  • ප්‍රාදේශීය කෘෂිකාර්මික හා රන් භාණ්ඩ උකස් සේවා සහනදායී ලෙස සැපයීම.

ඒ අනුව, සබරගමුව පළාත් සමූපකාර සමිති කාර්යසාධන තරඟාවලියේදී 2023 වසරේ ලෝකඩ සම්මානයත්, 2025 වසරේදී එය රිදී සම්මානයක් දක්වා ඉහළ නංවා ගැනීමටත් අප සමිතිය සමත්වී ඇත.

2025 Silver Award Trophy

Silver Award Trophy (2025)

රිදී සම්මාන කුසලානය (2025)

2025 Silver Award Certificate

Silver Medal Certificate (2025)

රිදී සම්මාන සහතික පත්‍රය (2025)

2023 Bronze Award Trophy

Bronze Award Trophy (2023)

ලෝකඩ සම්මාන කුසලානය (2023)

Our Facilities / අපගේ පහසුකම්

Comfortable, modern environment to serve you / සාමාජිකයින්ට වඩාත් පහසු බැංකු කාර්යාලයක්

Banking Hall Lobby

Waiting Lobby / පොරොත්තු ශාලාව

Banking Counters

Transaction Counters / ගනුදෙනු කවුන්ටර

Customer Service Tellers

Staff Operations / කාර්ය මණ්ඩල සේවා